Wednesday, March 7, 2012

ලෝකෙට හදි කල FB

Mark Elliot Zuckerberg වර්තමාන ලෝකේ ඔබාමාට වඩා පෙරලියක් කරපු පුද්ගලයෙක්.තේරෙන විදියට කිවොත් FACEBOOK නිර්මාතෘ.FACEBOOK සමාගමේ වටිනාකම මේ වෙනකොට ඩොලර් බිලියන 94 යි, සේවක පිරිස 3000කට අදිකයි.භාවිත කරන පිරිස මිලියන 845 කට අදිකයි.මේ සියල්ල  Zuckerberg ගේ මොලේන් ගත්ත ප්‍රයෝජනය සහ එයින් අත්කරගෙන තියෙන ජයග්‍රහණ.මේ සියල්ල  Zuckerberg  ආශීර්වාදයක් වෙලා අපිට හෙනයක් වෙලා තියෙන්නේ ඇයි.අන්න එතන ප්‍රශ්නයක් තියනවා.මම FB සමාන කරනවා ගංජා සුරුට්ටුවකට හේතුව තමයි බෙහෙතක් සහ මත්ද්‍රව්‍යක්, ඇමරිකාවේ ගංජා තහනම් උනාට බෙහෙතක් හැටියට මිලදීගන්න ලෙඩ්ඩුන්ට අවසර තියෙනව,හැබැයි  වැඩිපුර ගත්තොත් ලෙඩ,ලෙඩේට ගත්තොත් සුවයක්.අපේ සහෝදරයෝ මේ දෙකම පටලාගෙන තියෙන්න.මිනිස්සු අඳුරගන්නයි මිනිස්සුන්ට උදව්කරන්නයි FB ඒක යොදාගන්න අය අතරේ අනුන්ගේ නම වලින් බොරු FB ගිණුම් හදාගෙන පහත් මානසික වින්දනයක් ලබන අයත් එමටයි.කතුර තියෙන්නේ රෙදි කපන්න මිස මාළු කපන්න නෙමෙයි.බැඳීම කඩන්නයි එකතු කරන්නයි ලෙඩ්ඩු වෙන්නයි ලේසිම සහ ඉක්මන්ම ක්‍රමේ වගේම හරියට වැඩක ගත්තොත් මිල කරන්න බැරි වටිනා සම්පතක්,වැඩිපුර නොලියා හිතන්න යමක් ඉතුරු කරන්නම්